Sri Sumangala College,Nildandahinna-Nuwara Eliya
ශ්‍රී සුමංගල ජාතික පාසල,නිල්දණ්ඩාහින්න-නුවර එළිය.
Sri Sumangala National College,Nildandahinna-Nuwaeliya.
- රට Country : ශ්‍රී ලංකාව Sri Lanka
- පළාත Province : මධ්‍යම පළාත Central Province
- දිස්ත්‍රීක්කය District : නුවර එළිය Nuwara Eliya
- ප්‍රා.ලේ. කොට්ඨාශය D.S Zone : වලපනේ Walapane
- පාසල පිහිටි නගරය Town : නිල්දණ්ඩාහින්න Nildandahinna
- පාසල් වර්ගය School quadratic : AB+
- දුරකථන අංකය T.P Numbers : 052 2 278172
නිල වර්ණයන් : Golden yellow Meroon
Mission
නොනැවතී ඉදිරියට….. …. … .. … .. .
Description
ඉතා ඈත ඉතිහාසයකට උරුමකම් කියන වර්ථමාන ශ්‍රී සුමංගල ජාතික පාසල ක්‍රි.ව 1864 වර්ෂයේ දී ආරම්භ වූ අතර ප්‍රථම විදුහල්පතිවරයා වූයේ ඒ.ඩි ඉෂෙඩ් සිරිවර්ධන මහතා ය.ආරම්භයේ දී ඉතා අඩු ශිෂ්‍ය සංඛ්‍යාවකින් ආරම්භ වූ මෙම විදුහල මිශ්‍ර පාසලක්ව පැවති මුල් යුගයේ “නිල්දණ්ඩාහින්න රජයේ පාසල” යනුවෙන් නම් කෙරුණු අතර,මෙම පාසල සතුව එවකට තිබුනේ එක් ගොඩනැගිල්ලක් පමණි.පසුකාලීනව මෙම විදුහල පිරිමි හා ගැහැණු වශයෙන් කොටස් දෙකකට වෙන්කර පවත්වාගෙන යන ලදී.පිරිමි පාසල වර්ථමාන මෙම විද්‍යාලයේ ආනන්ද ශාලාව පිහිටි ස්ථානයේ පවත්වාගෙන ගිය අතර ගැහණු පාසල නිල්දණ්ඩාහින්න නගරයේ සමූපකාර ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ පවත්වාගෙන යන ලදි.ගැහණු පාසලේ ආරම්භක විදුහල්පතිනිය වූයේ මීගස්දෙණිය මහත්මිය වූ අතර,පසුකාලීනව වැරැල්ලගම මහත්මිය විදුහල්පතිනිය වශයෙන් කටයුතු කරන ලදි.
ඉන් පසු නැවතත් මෙම විදුහල මිශ්‍ර පාසලක් බවට පත් කෙරුණු අතර ක්‍රමයෙන් දියුණුව කරා පිය නගන්නට විය.රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන ගිය මෙම පාසල සදහා එවකට පැවති රජයෙන් ගොඩනැගිලි කිහිපයක් හා විද්‍යාගාරයක් ලබා දෙන ලදි.ශ්‍රී සුමංගල යන නාමය මෙම පාසලට ලබා දීමට හේතු වූයේ එවකට මල්වතු පාර්ශ්වයේ මහානායක පදවිය හෙබ වූ මෙම පාසලේ ආදි ශිෂ්‍යයකු වූ “අඹන් ඇල්ලේ ශ්‍රී සුමංගල” නායක ස්වාමින්වහන්සේට උපහාර පිදීම සදහා ය.මෙම කාර්යයේ දී පුරෝගාමී ව කටයුතු කරණ ලද්දේ එවකට වලපනේ පාර්ලිමේන්තුමා වශයෙන් කටයුතු කළ ටි.බි.එම් හේරත් මැතිතුමා ය.
ක්රමික විකාශනයක් පෙන්නුම් කරන මෙම පාසල පසු කාලීනව ‘මහා විද්‍යාලයක් බවට පත් වූ අතර ’1982 දී මධ්‍ය මහා විද්‍යාලයක්’ බවට පත් කරණු ලැබීය. “1993 වර්ෂයේ දී මෙම පාසල ජාතික පාසලක්” දක්වා දියුණු වූ මෙම පාසලේ ප්‍රගතිය වෙනුවෙන් අතීතයේ සිට වර්ථමානය දක්වා උරදුන් විදුහල්පතිවරුන් ගණන 28ක් පමණ විය.
අතීතයේ සිට මේ දක්වා රටට දැයට විශාල සේවයක් කර ඇති විදුහල අප රටට අවශ්‍ය උගතුන් හා බුද්ධිමතුන් රාශියක් බිහිකර ඇත.ඒ අතර දොස්තරවරුන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්,පරිපාලන නිලධාරීන්,දක්ෂ කලා ශිල්පීන්,ගුරුවරුන්,ගෞරවණීය සංඝයා වහන්සේලා ආදීන් වේ.එදා මෙදා තුර විදුහල් පියසේ සෙවන ලැබූ සැමගේ ගෞරවයට පාත්‍ර වූ පැරණි පාසල් බුදු මැදුර ඉදිකරණ ලද්දේ එවකට විදුහල්පති තුමා වූ එදිරිසූරිය මහත්මා විසිනි.
වර්ථමානයේ භෞතික සම්පත් හා මානව සම්පත් වලින් පෝෂණය වූ ශ්‍රී සුමංගල ජාතික පාසල සතුව,ශ්‍රවනාගාර දෙකක්,පරිඝනක මධ්‍යස්ථානයක්,මහින්දෝදය විද්‍යාගාරයක්,නවතම පුස්තකාලයක්,සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සිසුන් සදහා අති නවීන විද්‍යාගාර දෙකක්,සිසු නේවාසිකාගාර පෙළක් හා නුවර එළිය දිස්ත්‍රික්කයටම පාසල් තුනකට වෙන් කෙරුණු තාක්ෂණික විෂයයන් සදහා කඩිනමින් ඉදිවෙන තෙමහලකින් ද සමන්විතය. ශිෂ්‍ය සංඛ්‍යාව මේ වන විට 2800ක් පමණ වන අතර ආචාර්ය මණ්ඩලය වශයෙන් 100ක් පමණ කටයුතු කරණු ලැබේ.රටට දැයට උගතුන් බිහිකිරීමෙහිලා මුලික පරමාර්තය ඇති මෙම පාසල “නොනැවතී ඉදිරියට” යන තේමා පාඨය මුල් කරගෙන කලාපයේ මෙන්ම මුලු රටේ ම ඉතා කීර්තිමත් පාසලක් බවට ද පත්ව ඇති බව ඉතා සතුටින් ප්‍රකාශ කර සිටින්නෙමු.
තොරතුරු සම්පාදනය: විශ්‍රාමලත් පාඨශාලාරිණී සුමනා නානායක්කාර මහත්මිය සමගින් උපුල බී දසනායක.
සැකසුම : W.M.N චින්තක ( 2012 AL )
Sri Sumangala National College was founded in 1864 with Mr.A.D Izhed Siriwardana as the 1st principal. This school was started with a very small amount of students as a mix school with only one building and named as Nildandahinna Royal School. Afterwards the school was divided into two parts with a separate school for girls with Mrs.Meegasdeniya as the 1st principal.
As time passes the two girls and boys schools were reunited as one mix school and were named as Sri Sumangala School. As the school was in a rapid developing process it was named as a “Maha Vidyalaya” and in 1982 was named as a “Madya Maha Vidyalaya” and 1993 was raised to a National College which a historic milestone of this school.
At present this school consists of approximately 3000 students in all grades and a well trained teaching staff led by the present principal Mr.Kapila Aththanayaka.
English Translate by: Kesh hasaranga weerawarna from D.S Senanayake college,Colombo
Create by: W.M.N Chinthaka 2012 AL
ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්‍යාලාධිපතිතුමා
Principal
ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්යාලධිපති කපිල අත්තනායක,හිටපු විදුහල්පති නවරත්න ගුරුපියාණන් හා කළාප අධ්‍යාපන කාර්යාලයේ සභාපති තුමා.
ශ්‍රී සුමංගල විද්‍යාලයේ විද්යාලධිපති කපිල අත්තනායක,සුමුඟුල් ටයිකොන්ඩෝ පුහුණුකරු රවිමල් ගුරුපියාණන් හා සුමුඟුල් ටයිකොන්ඩෝ කණ්ඩායම
ශ්‍රී සුමංගල විද්‍යාලය-නිල පාසල් ලාංඡනය
Sri Sumangala College-School Badge
ශ්‍රී සුමංගල විද්‍යාලය-නව ශ්‍රවනාගාරය
Sri Sumangala College-New Auditorium
මස්සැන්නේ විජිත හිමි විසින් ඉදිරිපත් කරණු ලැබූ,2011/2012 අ.පො.ස උසස් පෙළ සිසුන් විසින් සංවිධානය කරණු ලැබූ "මවුපිය වන්දනාව".
ශ්‍රී සුමංගල ජාතික පාසලේ (නිල්දණ්ඩාහින්න-නුවර එළිය ) 2011/2012 අ.පො.ස උසස් පෙළ සිසුන් විසින් සංවිධානය කරණු ලැබූ "සිත් සනසන මාපිය වන්දනාව" මස්සැන්නේ විජිත ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ශවත් ලෙස 2015/10/21 වන දින ශ්‍රී සුමංගල ජාතික පාසල් සුමංගල ශාලාවේ දී පවත්වනු ලැබීය.මෙම අවස්ථාවට තෙරිපැහැ පොලිස් ස්ථානාධිපති,ශ්‍රී සුමුගුල් විද්‍යාලාධිපති,ශ්‍රී සුමංගල ජාතික පාසලේ ආචාර්ය මණ්ඩලය, 09,10,12,13 ශ්‍රේණිවල සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමග ඔවුන්ගේ දෙමාපියන්ද සහභාගි වන ලදි. මෙම අවස්ථාව විඩියෝගත කිරීම හා ශබ්ද විකාශන යන්ත්‍ර රිකිල්ලගස්කඩ DT SOUNDS ආයතනය මගින් ලබා දෙන ලදි.
*මෙය මස්සැන්නේ විජිත හිමිගේ 2015 වර්ෂයේ දී සිදු කල සාර්ථකම හා පිළිවෙලට සංවිධානය කරණු ලැබූ මවුපිය වන්දනාව වීම ද විශේෂත්වයකි.
ශ්‍රී සුමංගල ජාතික පාසලේ අනෙකුත් වෙබ් සයිට් හා ෆේස්බුක් පිටු