Blogger Widgets Sri Sumangala College Nuwara Eliya: ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ කිරුළ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල දිනාගනී-

ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ කිරුළ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල දිනාගනී-


ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ සම්මේලනය රත්නපුර ටයිකොන්ඩෝ සංගමය සමග එක්ව සංවිධාන කළ ශ්‍රී ලංකා පාසල් ටයිකොන්ඩෝ තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 42ක් ලබාගත් නුවරඑළිය නිල්දණ්ඩාහින්න සිරි සුමංගල මහ විද්‍යාලය සමත්වූ අතර ලකුණු 39ක් ලබාගත් බදුල්ල සිරි සුමන මහ විද්‍යාලට අනුශූරතාව හිමිවිය.
සමස්ත තරගාවලියේ බාලක ශූරතාව බදුල්ල සිරිසුමන මහා විද්‍යාලයද, අනුශූරතාව පුත්තලම වෙන්නප්පුව සාන්ත ජෝෂප් වාස් විද්‍යාලය විසින් ද දිනාගත් අතර සමස්ත බාලිකා ශූරතාව නුවරඑළිය නිල්දණ්ඩාඉන්න සිරි සුමංගල ක්‍රීඩිකාවන් සතුකර ගත්හ. එහි අනුශූරතාව හිමිවූයේ රත්නපුර ශ්‍රී පාද මධ්‍ය මහා විද්‍යාලයටයි.
අවුරුදු 13-15, 15-17 සහ 17-20 ලෙස බර පංති තුනක් යටතේ බාලක සහ බාලිකා වශයෙන් කණ්ඩායම් හයක් යටතේ තරග පැවැත්විණි.
රත්නපුර සුමන බාලිකා මහා විද්‍යාලයේ දී තෙදිනක් පුරා පැවැති තරගාවලියට දිවයිනේ පාසල් 81ක ක්‍රීඩික ක්‍රීඩිකාවෝ 800කට අධික පිරිසක් සහභාගිවූහ.
තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සබරගමුව පළාත් සභා සභාපති, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්‍රී ඉෆ්ලාර් එම්. යෙහියා, රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ගාමිණී රාජදාස, ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමයේ උපදේශක කී. සූ. ලී. සහ රත්නපුර ටයිකොන්ඩෝ සංගමයේ උප සභාපති ටිරෝන් අත්තනායක යන මහත්වරු සහභාගී වූහ. 

No comments:

Post a Comment