Blogger Widgets Sri Sumangala College Nuwara Eliya: ඉරිදා ලංකාදීප පුවත්පතින් උපුටාගන්න ලදි. 27/03/16

ඉරිදා ලංකාදීප පුවත්පතින් උපුටාගන්න ලදි. 27/03/16




ශ්‍රී ලංකා පාසැල් ටයිකොන්ඩෝ ශූරතාවය ශ්‍රී සුමංගල ජාතික                                        පාසලට.
උපුටා ගැනීම: ලංකාදීප පුවත්පතෙනි.

ශ්‍රී ලංකා පාසැල් ටයිකොන්ඩෝ සංගමය හත්වන වරටත් සංවිධානය කළ අන්තර් පාසැල් ටයිකොන්ඩෝ තරගාවලියේ රන් පදක්කම් 10ක්,රිදී පදක්කම් 03ක්,ලෝකඩ පදක්කම් 14ක් දිනාගනිමින් බාලිකා ශූරතාවය සමග,සමස්ථ ලංකා ශූරතාවය දිනා ගනිමින් අඛන්ඩව දෙවන වරටත් අන්තර් පාසල් තයිකොන්ඩෝ ශූරතාවය දිනාගැනීමට වලපනේ,නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ ටයිකොන්ඩෝ කණ්ඩායම සමත්විය.




ශ්‍රී සුමංගල ජාතික පාසලේ ත්‍යාග ප්‍රදාන උත්සවය අධ්‍යාප රාජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්..
උපුටා ගැනීම: ඉරිදා ලංකාදීප පුවත්පතෙනි.


නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදාන උත්සවය අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධාක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පාසැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. මෙහිදී පාසලේ විවිධ අංශවලින් දක්ෂතා දක්වන ලද සිසු සිසුවියන්ට පදක්කම් පළදවා ත්‍යාග ප්‍රදානය කිරීම අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමාගේ හා ආරාධිත අමුත්තන්ගේ අතින් සිදු විය.

No comments:

Post a Comment